වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ දකුණු පිටිගල් කෝරළය තුළ උතුරින් ලුණු ඔය ඇළ මාර්ගයෙන් ද, දකුණින් වෙන්නපුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ද, නැගෙනහිරින් පුත්තලම කුරුණෑගල දිස්ත්‍රික්ක වෙන් කෙරෙන රට මැද පාරෙන්ද, බටහිරින් ඉන්දියන් සාගරයට ද මායිම්ව පිහිටි නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය නාත්තන්ඩිය හා මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් ග්‍රාම නිලධාරී වසම් 94 කින් සහ වර්ග කිලෝමීටර 168.2 භූමි ප්‍රමාණයකින් යුත් රමණීය ප්‍රදේශයක් මෙන් ම ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක් වේ.
බල ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාවගේ කළල අවස්ථාවේ සිට මරණය දක්වා වූ සියලු අවශ්‍යතාවයන් ඉටුකර දීම තම දැක්ම කරගත් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව වෙත ජනතාවගෙන් ඉදිරිපත් වන ගැටලු හා ප්‍රශ්න දෛනිකව ඉහළ අගයක් ගැනීම අභියෝගයක් වුවද එය ආශීර්වාදයක් කර ගනිමින් ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ලබාදී ඇති දායකත්වය මත වර්තමානය වන විට ජාතික මට්ටමේ ඇගැයීමට ද ලක් වූ පළාත් පාලන ආයතනයක් ලෙස හැඳින්විය හැකිය.
ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන නාත්තන්ඩිය නගරය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. නාත්තන්ඩිය යන නම සැදී ඇති ආකාරය පිළිබඳ පුරාවෘත්ත කීපයකි..
පළමුව නාත්තන්ඩියගම නිර්මාණය වීම පිළිබඳව ජනප්‍රවාද රැසක් පවතී. ඉන් එකක් නම් ඈත අතීතයේ නාත්තන්ඩිය නගරයට ආසන්නව පිහිටි වළහාපිටිය නම් ග්‍රාමයේ වලසුන් බහුලව සිටි නිසා එම වනයෙන් වලසුන් ඒම වළකාලනු වස් වලසුන් පැමිණෙන ස්ථානයේ අවහිර කිරීමට විශාල ලී කඳන් යෙදුවේය. එකල නාත්තන්ඩිය ග්‍රාමයෙහි විවිධ ජන කොටස් සිටි අතර, එම ජනයා 'විශාල' යන්නට "නාත්" යනුවෙන්ද 'ලී කඳ' යන්නට "තණ්ඩිය" යනුවෙන්ද භාවිතා කර ඇත. ඒ අනුව විශාල ලී කඳන් යොදා වලසුන්ගෙන් ආරක්ෂා කළ මෙම ග්‍රාමය පසු කලෙක විශාල 'නාත්-ලී-කඳ-තණ්ඩි' යන අරුත් ඇතිව "නාත්තන්ඩිය" යනුවෙන් නම් වූ බව ජනප ්රවාදයේ පැවසේ
එමෙන්ම නර්තනයේ නගරය 18 වන සියවසේ සිට වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධව පැවතියේය. ඒ සඳහා ලන්දේසි ජාතීන් විසින් සකසන ලද ඕලන්ද ඇළ හෙවත් පාරු ඇල ඉතා ප්‍රයෝජනවත් විය. මෙම ඇල මාර්ගය උපයෝගී කර උපයෝගී කර ගනිමින් කොළඹ සිට පුත්තලම දක්වා බත්තල්, පාරු වැනි ජලයාත්‍රා මගින් කොළඹ නගරයට ලුණු, පුවක්, බුලත්, කරවල වැනි දේ ප්‍රවාහනය සිදු විය. එමෙන්ම කොළඹින් අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය, රෙදි පිළි හා විවිධ විසිතුරු ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම එකල බහුලවම සිදුවිය. සමස්තයක් ලෙස ගත් කළ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පුරා වැලි පස දක්නට ලැබේ. ඒ නිසා මෙම ප්‍රදේශය පුරා පොල් වගාව සාර්ථක වී ඇත. එමෙන්ම මෙම ප්‍රදේශයේ ඉද්දමල්ගම හා මරද යන ග්‍රාමයන්හි සිරිකා වැලි පස දැකිය හැකිය. රත්මල්ඔය හා කොස්වතු ඔය වැනි ජල මාර්ග පිටාර ගැනීම නිසා රොන්මඩ ශේෂ කොට දැකිය හැකි බැවින් කුඹුරු ආශ්‍රිතව දියලු පස ද මැටි සහ ලෝම පස ද දක්නට ලැබේ.