අපගේ සේවා ස්ථාන
අපගේ සේවා ස්ථාන
මූදු කටුව ළමා උද්‍යානය
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කළ ප්‍රථම ළමා උද්‍යානය වන මෙය බල ප්‍රදේශයේ දරුවන් සදහා දිනපතාම විවෘතව පවතින අතර පුංචි කෝච්චියේ සවාරියක් යාමටද දරුවන්ට අවස්ථාව සලසා ඇත.
කසල මෙහෙයුම් අංගනය
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට තිබූ විශාලතම ගැටළුවක් වන කසල ප්‍රශ්නයට පිළියමක් ලෙස ආරම්භ කරන ලද කසල මෙහෙයුම් අංගනය වර්තමානය වන විට වයඹ පළාතේ හොදම කසල කළමනාකරන පද්ධතියකින් සමන්විත වේ. කාබනික පොහොර ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන අතර අතිරේක ගෙවතු වගා බෝග ඵලදාවෙන්ද වාර්ෂිකව සැලකිය යුතු ආදායමක් උත්පාදනය කෙරේ. දෛනිකව එකතුවන ටොන් 08කට වැඩි කසල ප්‍රමාණයෙන් වැඩි කොටසක් මෙහිදී කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට යොදා ගැනෙන අතර පොලිතීන් හා ප්ලාස්ටික් වෙන්කර පුත්තලම හොල්සිම් ආයතනයට යැවීම සිදු කරයි.
ඔබට අවශ්‍ය කාබනික පොහොර නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා සියළුම පුස්තකාල වෙතින් පහසු මිළට ලබා ගත හැකිය.
නාත්තන්ඩිය ශරීර සුවතා මධ්‍යස්ථානය හා ඇවිදින මංතීරුව
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යය තත්ත්වය යහපත් කිරීම වෙනුවෙන් නාත්තන්ඩිය නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකරනු ලැබූ ඇවිදින මංතීරුව සහ ශරීර සුවතා මධ්‍යස්ථානය කිසිදු වර්ග භේදයකින් තොරව ජනතාව වෙත නිදහසේ තම ශාරීරික සුවතාවය වෙනුවෙන් අවශ්‍ය කටයුතු හා ව්‍යයායාම කටයුතු වෙනුවෙන් දිනපතා උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවාතව පවතී.
මහවැව මුද්‍රා දේවි ශ්‍රවණාගාරය
මහවැව නගරය ආශ්‍රිතව පැවති විශාල අඩුපාඩුවක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් 2014 දැයට කිරුළ ප්‍රතිපාදන යටතේ ඉදිකරනු ලැබූ මෙම ශ්‍රවනාගාරය නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව සතු 02වන නගර ශාලාවද වේ. විවිධ උත්සව අවස්ථා සහ දේශන, සම්මන්ත්රණ ආදිය සදහා පහසු අයකිරීම් යටතේ මෙම නගර ශාලාවේ පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇත.