2025 ජගත් පරිසර දිනයට සමගාමීව ගරු සභාපතිතුමාගේ හා ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රජා සංවර්ධන අංශය විසින් සංවිධානය කල "රුක් රෝපණ වැඩසටහන" නාත්තන්ඩිය ආදාහනාගාරයේ සහ මාරවිල ප්‍රධාන මාර්ගයේ දී සිදු කරන ලදී....
"ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය අවසන් කරමු" යන තේමාව පෙර දැරිව සැමරූ මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් 2025.06.06 දින නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සාගර විජේසේකර මහතා හා ගරු මන්ත්‍රී ගයාන් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් මූදුකටුව සුමනධම්ම විද්‍යාලයේ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටනක් හා කසල බදුන් බෙදා දීමේ වැඩසටහනක් කටුනේරිය මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ලදි....මේ සදහා සම්පත් දායකත්වය නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ඝන අපද්‍රව්‍ය විෂය නිලධාරී ප්‍රදීපා මාරසිංහ මිය විසින් සිදු කරන ලදි.